Friday, March 29, 2024

General line - 0115112241

අසර්බයිජානයේදි ගින්නකට හසුවි ලාංකික තරුණියන් තිදෙනෙක් ජිවිතක්ෂයට (PHOTOS)




අසර්බයිජානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨ මාලාවක නිරතවෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍යයක් වාර්තා කර සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 21, 23 සහ 25 වියේ පසුවන ශ්‍රි ලාංකික තරුණියන් තිදෙනෙක් බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

මෙම තරුණියන් නවාතැන් ගෙන සිටින කාමරයේ විදුලි පරිපථයක ඇතිවු විදුලි කාන්දුවිමකින් ගින්න හටගෙන ඇති බවයි මුලික විමර්ශන වලින් හෙළිවි ඇත්තේ.

එම තරුණියන් නවාතැන් ගෙන සිටින කාමරය අසල ජිවත් වන අසල්වැසියෙක් මුලින්ම ගින්න දැක ඇති අතර ඔහු විසින් ජනේලයක් බිද එහි ඇතුල්වන විටත් එම තරුණියන් තිදෙනා විස දුම ආඝ්‍රණය විමෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

අසර්බයිජානයේ වෙස්ට් කැස්පියන් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් හැදැරීම සඳහා මෙම ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනා පසුගිය වසරේ අගෝස්තු 20 වැනිදා එම විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.