Friday, April 19, 2024

General line - 0115112241

කසළ බඳුන් මියුරු සංගීතයට හැරවූ තරුණ කණ්ඩායම (PHOTOS)




කැළි කසළ බැහැර කරන බඳුන් යොදා ගනිමින් මියුරු සංගීතයක් නිර්මාණය කරන තරුණ කණ්ඩායමක් නෙත් ගුඞ් නිව්ස් අපට මුණ ගැසුණා. 

ඔරිජින්ස් නමින් සංගීත කණ්ඩායමක් ද පිහිටුවා ගෙන ඇති ඔවුන් සිය නිර්මාණ කාර්යය එළි දක්වන්නේ ශ්‍රී ලංකාවට අනන්‍ය සංගීතය ද මුසු කරගනිමින්. 

කැළි කසළ බඳුන්වලින් සංගීතය උපදවන කණ්ඩායමේ නායක සප්න ෆොන්සේකා කියා සිටියේ සිය කණ්ඩායම ආරම්භ කිරීමේදී සංගීත ක්ෂේත්‍රයට සිය කණ්ඩායමේ කිසිවෙක් සම්බන්ධ වී නොසිටි බවයි. 2016 සරසවියේ පැවැති තරගයක් සඳහා මෙම අදහස මුළින්ම ක්‍රියාත්මක වූ බවද සඳහන් කළා.

මෙම සංගීත කණ්ඩායම සමග විදේශිකයෙකු ද එක්ව සිටින්නේ ඔවුන්ගේ අපූරු උත්සාහය අගය කරමින්.

අලුත් දේ සිතමින් අපූරු නිර්මාණයන් බිහි කරන මෙවැනි දක්ෂයින් රටට හෙළි කිරීම නෙත් ගුඞ් නිව්ස් අපගේ උත්සාහයයි. සතුටින් ජීවත් වීමට ඔබට මග කියා දෙන නෙත් සතුටු සඳුදා අදයි.