Saturday, May 4, 2024

General line - 0115112241

ස්පාඤ්ඤයෙන් කොරෝනා වෛරස් ආසාධිතයෙකු සොයා ගැනේ




ස්පාඥඤ්ඤයෙන් පළමු නව කොරෝනා ආසාධිතයා හමුවී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ කොරෝනා වෛරස් ආසාධිතයෙකු බවට ජර්මනියේදී හඳුනාගැනුනු  පුද්ගලයෙකු සමග මෙම පුද්ගලයා ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට හෙළිවී ඇති බවයි.

මේ අතර චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ස්පාඤ්ඤ වැසියන් 21 දෙනෙකු එරට බලධාරීන් විසින් මුදා ගෙන තිබෙනවා.

ඔවුන් කිසිවෙකුට මෙතෙක් නව කොරෝනා වෛරසය වැලඳී ඇති බව අනාවරණ වී නොමැති බවයි ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.