Saturday, April 27, 2024

General line - 0115112241

ජනපතිගේ ගෞරවය රකින්නැයි ජවිපෙ ඉල්ලයි




මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචා දූෂණ නතර කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුවේ සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුුනු මෝටර් වාහන පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියා.

එම විවාදය ආරම්භ කරමින් ප‍්‍රවාහන සේවා කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර අදහස් පළ කරමින් සඳහන් කළේ "බස් රථවල පහසුව සඳහාත් මගීන්ගේ පහසුව සඳහාත් දුර ගමන් සේවා බස් රථ සඳහා සීමිත නැවතුම් ස්ථාන නම් කිරීම සිදු කරනවා. එහිදී නිල් පසුබිමක කහ පැහැති බස් රථයක ලාංඡනයක් සඳහන් වෙනවා." යනුවෙනි.

මේ විවාදයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක අබේසිංහ කියා සිටියේ ඇතැම්විට මැතිවරණයෙන් පසු සිය පාර්ශ්වයටම මෙම ඇතැම් කරුණු ඉටු කිරීමට හැකි වෙනු ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාරිලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස එම විවාදයේදී පළ කළේ මෙවන අදහසක්.

"ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ රාජ්‍ය ආයතනයකට ගියා නම් ගියපු පළවෙනි ආයතනය තමයි මෝටර් රථ වාහන දෙපාර්තුමේන්තුව. ඒ නිසා මම කියන්න කැමතියි... ඒ නිලධාරීන්ගෙන් සහ එය භාර ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න..කැමතියි... ගෝඨාභය රාජපක්ෂ මහතා ගියපු ඒ ගමනේ ගරුත්වය තියන්නවත් එහි සිදුවෙන සමහර වංචා දූෂණ නතර කරන්න පියවර ගන්න කියලා"

ප‍්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම ද විවාදයට එක්වුණා.

අද (06) උදෑසන 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.