Thursday, May 9, 2024

General line - 0115112241

පිරිතට වැඩි හිමි දෙනමක් ගුටි ඇනගෙන රෝහලේ..!




සති පිරිත් දේශනාවකට වැඩම කර සිටියදී හිමිනමක් පහර දුන්නේ යැයි පවසා කුරුණෑගල ප්‍රදේශයේ හිමිනමක් කෑගල්ල මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසනවා. මෙම හිමි නම පිළියන්දල, හෝකන්දර ප්‍රදේශයේ පැවති සති පිරිත් දේශනයකට සහභාගී වූ අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇතැයි අදාල හිමිනම පවසා තිබෙනවා. මෙලෙස කෑගල්ල මහ රෝහලේ භික්ෂු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් වැඩසිටින්නේ කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක 55 හැවිරිදි හිමි නමකි.

ආරාධනාවකට අනුව පිළියන්දල හෝකන්දර ප්‍රදේශයේ සති පිරිත් දේශනාවක් සඳහා මෙම ස්වාමින් වහන්සේ වැඩමකර ඇති අතර අලුත්ගම ප්‍රදේශයෙන් වැඩම කර සිටි ස්වාමින් වහන්සේ නමක් සමඟ මෙම ස්වාමින් වහන්සේ සති පිරිත් දේශනාවේදී එකට පිරිත් දේශනා කර ඇති බවයි පොලිසියට පවසා ඇත්තේ. එහිදී තමන්වහන්සේ නියම ආකාරයට පිරිත් දේශනා නොකළේ යැයි පවසා අලුත්ගමින් පැමිණි හිමිනම පිරිත් මණ්ඩපයේදීම දොස් පවරා ඇතැයි අදාල හිමිනම පොලිසිය වෙත පවසා තිබෙනවා.
අනතුරුව විවේක ගැනීමට සැකසූ ලැගුම් ගෙය තුළදී වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් අලුත්ගම ප්‍රදේශයේ සිට වැඩම කර සිටි තරුණ භික්ෂුන් වහන්සේ තමන් වහන්සේට පහර දීමට සැරසෙද්දී අලුත්ගම ස්වාමින් වහන්සේගේ බෙල්ලේ එල්ලී ඇත. එහිදී ඇද වැටුණු තමන් වහන්සේට අලුත්ගම ස්වාමින් වහන්සේ පයින් පහරදුන් බැවින් කෑගල්ල මහ රෝහලට ඇතුළත්වූ බව පවසා තිබේ.