Thursday, May 9, 2024

General line - 0115112241

රාජිත යළි රිමාන්ඞ් වෙයිද තීන්දුවට දින නියම කෙරේ




සුදු වෑන් යොදා ගෙන පුද්ගල පැහැර ගැනීම් සිදු වූ බවට මාධ්‍ය හමුවකදී කරුණු දැක්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ගොනු කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ලබන 16 දා ප‍්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා.  

ඒ අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගය අනුමත කරනවාද නැතහොත් එම තීන්දුව වෙනස් කර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනවාදැයි  එදින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.  

අදාල ප‍්‍රතිශෝධන පෙත්සම මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අද විභාගයට ගැණුනා. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය දෝෂ සහිත බව පවසමින් මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබෙන්නේ නීතිපතිවරයා විසින්.