Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්ධන සහනය හෙට දෙන බවට ආණ්ඩුවෙන් සුභ ඉගි




ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ශී‍්‍ර ලාංකික පාරිභෝගිකයාටද වහාම ලබා දෙන්නැයි ආණ්ඩුවෙන් අදත් ඉල්ලීම් කෙරුණා. හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේ  ඉන්ධන මිල මෙන්ම ගෑස් මිලද අඩු කළ යුතු බවයි.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ජානක වක්කුඹුර පැවසුවේ ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය නියත වශයෙන්ම හෙට සිට ශී‍්‍ර ලංකා පාරිභෝගිකයාට ද ලබා දෙන බවයි. 

ඉන්ධන මිල අඩුකර ශී‍්‍ර ලාංකික පාරිභෝගිකයාට සහන ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරද පැවසුවා. ඊට අදාලව කැබිනට් මණ්ඩලය වෙත හෙට කරුණු ඉදිරිපත් කරන බවයි ඔහුද කියා සිටියේ.