Sunday, May 5, 2024

General line - 0115112241

රවී බෝට්ටුවෙන් රට ගියාදැයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුට සැකයක්




අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මේ දක්වාත් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවලදී අදත් අදහස් පල වුණා. හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ සැගවී නොසිට අධිකරණය හමුවට පැමිණ චෝදනාවලට පිළිතුරු ලබාදෙන්නැයි රවී කරුණානායක හිටපු මන්තී‍්‍රවරයාට අභියෝග කරන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගමද මේ සම්බන්ධයෙන් අද අදහස් පල කළා.

මේ අතර තමන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක අභියාචනාධිකරණය හමුවේ අද රීට් පෙත්සමක් ගොනු කළා. 
ඒ, ඔහුගේ නීතීඥවරුන් හරහායි. මෙම අභියාචනය හෙට සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා.