Sunday, May 5, 2024

General line - 0115112241

උණුසුම පිළිබඳ පළාත් තුනකට දැඩි අවධානම් නිවේදනයක්




පළාත් තුනකට වැඩි උණුසුම පිළිබඳ වැඩි අවධානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, බස්නාහිර, සඹරගමුව සහ වයඹ යන පළාත් සඳහායි. ගාල්ල, මාතර සහ මොණරාල යන දිස්ති‍්‍රක්ක සඳහාද මෙවැනි වැඩි අවධානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාල ප‍්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 42 අතර විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙැවනි උෂ්ණත්වයක් පවතිද්දී සිරුර විජලනනය වීම සහ ලවණ ඉවත් වීම නිසා මස් පිඩු පෙරලීම හෝ අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇති විය හැකියි. එසේ තිබියදීත් තවදුරටත් කි‍්‍රයාකරකම්වල නිරත වුවහොත් ආඝාත තත්ත්වයන්ද ඇති විය හැකි බවට අනතුරු ඇගවෙනවා. 

ඒ අනුව ජලය වැඩි වශයෙන් පානය කරන ලෙස සහ සුදු හො ලා පැහැති ඇදුම් භාවිත කරන ලෙයසි වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ. එළිමහනේ සිදු කෙරෙන අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්නැයිද වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.