Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයට ගොදුරු වූ ලාංකිකයා ගැන තවත් අනාවරණයක්




කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට IDH රෝහලේදී හඳුනාගෙන ඇති පුද්ගලයා එම වෛරසය ආසාදනය වූ බවට සැක මතුවීමෙන් පසු සිය නිවස වෙත ගොස් නොමැති බව වාර්තා වනවා.

ඉතාලි ජාතික සංචාරකයින් පිරිසක් සමග දිවයිනේ ප‍්‍රදේශය කිහිපයක සංචාර කර ඇති ඔහු පැවති අසනීප තත්ත්වය හේතුවෙන් සංචාරය නිමවූ වහාම නිවස වෙත නොගොස් ඔහුගේ පවුලේ වෛද්‍යවරයා හමුවී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එහිදී අදාළ වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ඔහු IDH උණ රෝහලට ඇතුලත්වී තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති එම පුද්ගලයා කොළඹ දිස්ත‍්‍රික්කයේ පදිංචි සංචාරක මගපෙන්වන්නෙක්. ඔහුගේ දරුවා කොළඹ ප‍්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලබන අයෙකු බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.