Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයාගේ පුත‍්‍රයා ගැන පැහැදිළි කෙරේ




ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ පුත‍්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ ඔහුගේ පුත‍්‍රයාට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. ඇතැම් සමාජ මාධ්‍යවල පළ වන අසත්‍ය වාර්තා සහ කටකතාවලට නොරැවටෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.