Thursday, May 9, 2024

General line - 0115112241

කඩිමුඩියේ ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම




කොරෝනා වෛරසයේ සම්බන්ධයෙන් රටේ ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට රට තුල කොරෝනා වෛරසයට ආසාධනය වූ එක් පුද්ගලයෙක් බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.

මේ වන විට ජනතාව අනියස බියක් ඇති කර ගෙන ඇති බවත් බොහෝ පිරිස් ආහාර ඇතුළු ද්‍රව්‍ය එක් රැස් කිරීමට පෙළඹී ඇති බවට වන කරුණු වාර්තා වන බවත් එලෙස ජනතාව අනියස බියක් ඇති කර ගැනීම කිසිසේත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

රටේ ආහාර ක්‍රමවේදය සහ දේශගුණික තත්ත්වය අනුව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තවීමේ අවධානම අවම බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.