Sunday, May 5, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය තානාපති නිලධාරියෙක් කොරෝනා වෛරසයට බිළි වෙයි




බ්‍රිතාන්‍යයේ තානාපති සේවයේ නියුතු නිලධාරියෙක් කොරෝනා වෛරසය වැළදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හංගේරියාවේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කළ 37 හැවිරිදි ස්ටීවන් ඩික්‌ නම් අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොරෝනා වෛරසයෙන් මේ වන විට බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 465 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.