Sunday, May 5, 2024

General line - 0115112241

තමන්ගේ රට බලා යන්න : වීසා බලපත්‍ර හිමිකරුවන්ට ඕස්ට්‍රේලියානු අගමැති කියයි




කොරෝනා වෛරසය හමුවේ පැන නැගී ඇති අර්බුධය හමුවේ පැන නැගී ඇති ගැටළු වලට තමන්ටම විසඳුම් සොයා ගත නොහැකි විදේශීය සිසුන් සහ තම රටට පැමිණ සිටින පුද්ගලයින්ට යළි ඔවුන්ගේ මව් රටවල් බලා යන්නැයි ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටිනවා.

මේ අවස්ථාවේදී සිය රටේ පුරවැසියන්ට සහ පදිංචිකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

"ශිෂ්‍ය සහ වෙනත් වීසා ක්‍රමවේදයන් යටතේ රටට පැමිණ සිටින පුද්ගලයින් ඕස්ට්‍රේලියාවේ අනිවාර්යෙන් සිටින අය නොවේ. මේ අවස්ථාවේදී ඔවුන්ට ඔවුන් ගැන බලා ගන්න බැරිනම් හොදම අවස්ථාව තමයි යලි ඔවුන්ගේ රටට යන එක.

මේ වන විට රට තුල විශාල පිරිසක් සංචාරය කිරීම සඳහා පැමිණ තිබෙනවා. නමුත් යලි තමන්ගේ මව් රටවල් කරා යාමට අවශ්‍ය නම් මේ වන විට ඇති අවස්ථා වලින් ප්‍රයෝජන ගත හැකි
" ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කැනබරා හිදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබුණා.