Sunday, May 5, 2024

General line - 0115112241

උදයංග වීරතුංග ඇප මත මුදා හැරේ 




රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද ඇපමත මුදා හැරුණා. ඒ, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ලබන 24 වනදා දක්වා කල් ලබාදීමෙන් පසු ඔහුව ඇපමත මුදා හැරීමටයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ.

මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ඉකුත් පෙබරවාරි මස 13 වනදා රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.