Thursday, May 2, 2024

General line - 0115112241

පැය 24ක් තුල අමෙරිකාවේ කොරෝනා මරණ 1700ක් : ප්‍රංශයෙත් මරණ දස දහසක්




ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය වැලදීමෙන් අමෙරිකාවේ පුද්ගලයින් 1,736 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දිනක් තුලදී කොරෝනා වෛරසයෙන් ලොව රටක සිදුවූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව මෙය වනවා. මිට පෙර ද දිනක් තුලදී අමෙරිකාවේ පුද්ගල මරණ 1,344ක් වාර්තා විය.

මේ වන විට වෛරසය හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් 12,895ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන රෝගීන් ගණන තුන් ලක්ෂ 98,785ක් වනවා.

කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් දස දහසකට අධික ප්‍රමාණයක් මියගිය ලොව සිව්වන රට බවට ප්‍රංශය පත්ව තිබෙනවා. නවතම දත්ත අනුව ප්‍රංශයේ මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පිරිස 10,328 ක් වනවා. 

මේ අතර වෛරසයෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 82,020 ක් බව අමෙරිකානු ජෝන් හොප්කින්සන් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යා ලේඛණ හෙළිකර සිටිනවා. වෛරසය වැලදී ඇති රෝගීන් සංඛ්‍යාව 1,428,428 ක් බවයි නවතම දත්ත හෙළිකර සිටින්නේ.

ඉතාලිය (17,127), ස්පාඤ්ඤය (14,045), ඇමෙරිකාව (12,895), ප්‍රංශය (10,328), බ්‍රිතාන්‍ය (6,159) සහ ඉරානය  (3,872) යන රටවල් වල කොරෝනා වෛරසයෙන් වැඩිම ජිවිත හානි වාර්තා වනවා.