Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් සමග එක් වූ තවත් පාර්ශ්ව දෙකක් වෙතින් පරිත්‍යාග රැසක් (PHOTOS)




නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග මතු වූ අභියෝගාත්මක තත්ත්වයෙන් රට මුදා ගැනීමේ අරමුණින් නෙත් එෆ්. එම්. රේඩියෝව ආරම්භ කළ ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරට තවත් බොහෝ පාර්ශ්ව යහපත් ප‍්‍රතිචාර දක්වමින් සිටිනවා.

කුළුබඩු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ ආයතනයක් වන විජය ප‍්‍රඩක්ට්ස් ආයතනය ද අද (09) එම වැඩසටහන සමගින් එක් වුණා. ඒ අනුව, රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට බෙදා හැරීම සඳහා විජය නිෂ්පාදන තොගයක් නෙත් එෆ්. එම්. රේඩියෝව වෙත භාර දීම අද  සිදු කෙරුණා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ විජය ප‍්‍රඩක්ට්ස් ආයතනයේ සම්බන්ධීකරණ විධායක නිලධාරී අජිත් මද්දුමාගේ සඳහන් කළේ "නෙත් එෆ්. එම් රේඩියෝව වෙතම සිය නිෂ්පාදන භාර දෙන්නට තීරණය කළේ අවශ්‍යම පුද්ගලයින් වෙත ඒවා හිමිවෙන බවට සිය ආයතනයට ඇති දැඩි විශ්වාසය නිසයි" යනුවෙනි.

 

 

එච්.එච්.කෝ ඉන්ඩස්ටී‍්‍රස් ආයතනය ද ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර සමග එක් වූ තවත් ආයතනයක්.

එම ආයතනය මගින් නිපද වූ ආරක්ෂිත හිස් වැසුම් නව කොරෝනා මර්දන රාජකාරී සඳහා පෙරමුණ ගෙන සිටින කණ්ඩායම් වෙත බෙදා දීම ප‍්‍රදේශ කිහිපයකදී අද සිදු කෙරුණේ නෙත් එෆ්. එම්. රේඩියෝව හා එක්වයි.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, පානදුර කේතුමතී රෝහල, පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානය සහ කළුතර ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අද එම ආරක්ෂක හිස් වැසුම් ලබා දීම සිදු කෙරුණා.

 (ඉහත ඡායාරූපවල දැක්වෙන්නේ කළුතර දිස්ත්‍රික් පරිපාලන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා වෙත පරිත්‍යාග ලබාදීම.)

(පානදුර කේතුමතී රෝහලට අවශ්‍ය ආරක්ෂක හිස්වැසුම් වෛද්‍ය අධිකාරී ඉන්ද්‍රජිත් කොමසාරු මහතා වෙත ලබාදීම)

 (ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායට අවශ්‍ය පරිත්‍යාග ලබාදීම)