Sunday, April 28, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය ලිහිල් කළ කාලසීමාවේ පොලීසියෙන් ඉල්ලීමක්




ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණු දිස්ති‍්‍රක්කවල ජනතාව නෑගම් යාමෙන් හා අවුරුදු උත්සව පැවැත්වීමෙන් වළකින්නැයි පොලීසිය යළි ඉල්ලීමක් කරනවා. 

කොළඹ, ගම්පහ, කලූතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 06 ට තාවකාලිකව ඉවත් කෙරුණු අතර එම දිස්ති‍්‍රක්කවලට අද පස්වරු 04 ට යළි ඇඳිරි නීතිය පැනවෙනවා.