Saturday, April 27, 2024

General line - 0115112241

රිෂාඞ්ගෙන් CIDයට පැය 4 ක ප‍්‍රකාශයක්




හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 04 කට ආසන්න කාලයක් ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා. 

ඒ, මන්නාරම ප‍්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. හිටපු අමාත්‍යවරයා ඒ පිළිබඳ ප‍්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ පෙරවරු 10 යි 30 ට පමණයි. 

පාස්කු ප‍්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් සහ හිටපු අමාත්‍යවරයාගේ නීතීඥවරයා වන හිජාස් හිස්බුල්ලා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණා. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සිය නිල ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝවක් ද මුදා හැර තිබුණා.