Sunday, April 28, 2024

General line - 0115112241

එදිනෙදා රැකියා කළ පුද්ගලයන්ටත් රජයෙන් පන්දහසේ දීමනාව : ලබා දීම එලබෙන 20දා සිට




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමත් සමග එදිනෙදා ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රුපියල් 5,000 දීමනාව ගෙවීම ලබන 20 වනදා සිට ආරම්භ කෙරෙනවා. 

ඒ අනුව වඩු, පෙදරේරු, ජලනල හා විදුලි කාර්මික, පින්තාරු ඇතුළු තවත් ක්ෂේත‍්‍ර කිහිපයක නිරත පුද්ගලයින්ට එම දීමනාව ලබාදීමටයි රජය පියවර ගෙන ඇත්තේ. 

මෙම දීමනාව ලබාදීම සඳහා ඉල්ලූම් පත‍්‍රයක් ග‍්‍රාමීය කමිටුවලට ලබාදෙන අතර එම ඉල්ලූම් පත‍්‍ර අදාළ කමිටුවල නිලධාරීන් හරහා අදාළ රැකියාවල නිරත පුද්ගලයින්ට ලබාගත හැකි බවයි රජය ප‍්‍රකාශ කළේ. 

රුපියල් 5,000 දීමනාව හිමිවන ප‍්‍රතිලාභීන් තෝරා ගැනීමේ කි‍්‍රයාවලිය හෙට සහ අනිද්දා සිදු කෙරෙනවා. 

කෙසේවෙතත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටපුරා ඇඳිරි නීතිය පැනවීම හමුවේ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 5,000 දීමනාව ලබාදීමට අදාළ රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට ග‍්‍රාම නිලධාරීන් අද තීරණය කළා.