Wednesday, September 25, 2024

General line - 0115112241

නෙත් එෆ්එම් විශ්ව කර්ම පෙළහර මගින් දුන් උපකරණ IDH රෝහල යොදා ගන්නා අයුරු (PHOTOS)




අංගොඩ පිහිටි බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH උණ රෝහලට අත්‍යාවශ්‍ය උපකරණ රාශියක් නෙත් එෆ්. එම්. රේඩියෝවේ විශ්ම කර්ම පෙළහරේ මැදිහත් වීමෙන් එම රෝහල වෙත ඉකුත් අප්‍රේල් මස 08 වෙනිදා ප‍්‍රදානය කෙරුණා.

වෛද්‍යවරුන් සහ රෝගීන් අතර දුරස්ථ භාවය රඳවා ගනිමින් ප‍්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය සන්නිවේදන උපකරණ කට්ටල, එක්ස්රේ නිරීක්ෂණ උපකරණ, සමස්ත රෝහලම සම්බන්ධීකරණය කෙරෙන සන්නිවේදන පද්ධතියක්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයේ පරිහරණය සඳහා අවශ්‍ය ඇඳන් සහ රෝහලට අවශ්‍ය පරිගණකයක් ඇතුළු උපකරණ රැසක් එලෙස පරිත්‍යාග කෙරුණු උපකරණ අතරට අයත්.

එමෙන්ම, එම රෝහලට අත්‍යාවශ්‍ය තිබූ ස්කෑන් යන්ත‍්‍රයක් ලබා දීමේ කටයුත්ත සඳහා ද නෙත් එෆ්. එම්. රේඩියෝව අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම අදහස් පළ කරමින් සඳහන් කළේ විවිධ අවස්ථාවලදී ලැබුණු සහයන් සම්බන්ධයෙන් නෙත් රේඩියෝවට ස්තූතිය පුද කරන බවයි. 

කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායම, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මැස්කෝ 86 කණ්ඩායම, එස්. කේ. වික‍්‍රමසිංහ ට‍්‍රස්ට් ගැරන්ටි ලිමිටඞ්, අංක 306 සී 02 සිංහ සමාජය, බෝගල ග‍්‍රැෆයිට් සමාගම, හොංකොංහි ශී‍්‍ර ලන්කන්ස් කි‍්‍රකට් සමාජය, සහ NDB බැංකුවේ නිලධාරීන් පිරිසක් නෙත් රේඩියෝව සමග මෙම සත්කාරය සඳහා එක් වුණා.

මේ වන විට එම උපකරණ IDH රෝහලේ කාර්ය මණ්ඩලය සිය දෛනික කටයුතු යොදා ගෙන ඇති ආකාරයයි මේ.