Tuesday, April 30, 2024

General line - 0115112241

මීළඟට ඕස්ට්‍රේලියාවේ සහ මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට පියවර




කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාව සහ මැලේසියාව යන රටවල සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමට රජය කටයුතු යොදා තිබෙනවා.

ශ‍්‍රී ලාංකිකයින් රැගත් එම ගුවන් යානා එම රටවලින් ලබන 10 වැනිදා ශ‍්‍රී ලංකාව බලා පිටත්වන බවයි ජනාධිපති අතිරේක ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවසුවේ. 

මේ අතර ඉදිරියේදී බෙලරූස්, ජපානය, මාලදිවයින, බංග්ලාදේශය සහ කුවේට් රාජ්‍ය ආදී රටවලිනුත් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන බවයි සඳහන් කළේ.

වීසා බලපත‍්‍ර නීති උල්ලංඝණය කරමින් විදෙස් රටවල රැඳී සිටින ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද නෙත් නිවුස් මෙහිදී ජනාධිපති අතිරේක ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ඒ සම්බන්ධව විශේෂ වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට සැළසම් සකස් කරමින් ඇති බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විවිධ රටවල සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් කි‍්‍රයාත්මකයි. එහිදී විදෙස් රටවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින්ට ප‍්‍රමුඛ අවධානයක් ලබාදී තිබුණා. පළමුව සාක් රටවල සිටින පිරිස් ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ වූයේ ඒ අනුවයි.