Tuesday, April 30, 2024

General line - 0115112241

සත්තු දඩයම් කර ෆේස්බුක් දැමූ අයෙකු ගැන CID විමර්ශන




සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ ලසිත් රණවීර නමැත්තෙකු පිළිබඳ නෙත් නිවුස් කළ අනාවරණයකින් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් මතයි. 

ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර හරහා මේ පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමට නෙත් නිවුස් ඉකුත් දා කටයුතු කළා.

ඒ අනුවයි මෙලෙස සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ ලසිත් රණවීර නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ. 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත පහතින්)

සත්තු දඩයම් කර ෆේස්බුක් දාන අයෙකු පොලිසියෙන් සොයයි