Thursday, May 2, 2024

General line - 0115112241

පී.සී.ආර් පරීක්ෂණ පිළිබඳ පැතිරෙන කටකතාවන්ට වෛද්‍යවරුන්ගෙන් පිළිතුරු




කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා රෝගීන් හදුනා ගන්නා පී සී ආර් පරීක්‍ෂණ සම්බන්ධයෙන් කිසිවක් සැඟවීමට සෞඛ්‍ය අංශවලට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන වෛද්‍යවරුන් අවධාරණය කරනවා. 

අයි ඞී එච් රෝහලේ බෝවන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මෙම අදහස් පළ කළේ රෝගීන් තිදෙනෙකුගේ වාර්තා සම්බන්ධයෙන් මේ වනවිට පළ වන විවිධ ප‍්‍රචාරයන්ට ප‍්‍රතිචාර දක්වමින්. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඇතැම් පාර්ශව විවිධ පටු අරමුණු වෙනුවෙන් මෙවැනි ප‍්‍රචාර සිදුකරන බවයි. 

මේ අතර රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අවධාර ණය කළේ කොරෝනා රෝගීන් හදුනා ගැනීමේ පී සී ආර් පරීක්‍ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීමෙන් ඒවායේ වාර්තා පිළිබද ජනතාව තුළ ඇති විශ්වාසය බිද වැටෙන බවයි. 

එලෙස සිදු කළ පරීක්‍ෂණ වාර්තා 13 ක් පමණ දෝෂ සහගත බවට හදුනාගෙන ඇතැයි අදාළ ලිපියේ සදහන්.

ගත වූ දින කිහිපයේම කොරෝනා රෝගීන් හදුනා ගැණෙන පී සී ආර් පරීක්‍ෂණ දහසකට වැඩි සංඛ්‍යාවක් සිදු කිරීමට සෞඛ්‍ය අංශවලට හැකි වුණා. ඊයේ දිනයේ සිදුකළ පරීක්‍ෂණ සංඛ්‍යාව 1,500 කට අධිකයි.