Thursday, May 2, 2024

General line - 0115112241

ජනපති ගෝඨාභයට එල්ල කළ චෝදනා බොරු බව ඔප්පු වූවා - ජනාධිපති නීතිඥ අලි සබ්රි




ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවැරදි ක‍්‍රමවේද අනුව අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව දැන් සනාථ වන්නේ යැයි ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ද එරට රජය විසින් ඇතුළත් කරනු ලැබීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. 

අමෙරිකානු ෆෙඩරල් දෙපාර්තමේන්තුව එය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ ඊයේ දිනයේදීයි. ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගත් බවට අමෙරිකානු නිල නිවේදනය ලැබීමට ප‍්‍රමාද වීමට හේතුද ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙහිදී පැහැදිලි කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ද ඇතුළත් කරමින් අමෙරිකාව ඊයේ නිකුත් කළ නාම ලේඛනය නම් කර ඇත්තේ අමෙරිකාවේ බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය ද ලෙසයි. 

එය අමෙරිකානු එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉවත් කරගන්නා පිරිසගේ නවතම නාම ලේඛනය වනවා.