Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා වසංගතයන් ඇමෙරිකානුවන් අනූදහසකට අධික පිරිසක් මිය යයි - ජනපති ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා




ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අමෙරිකාව අතර උද්ගතවී ඇති මතභේදාත්මක තත්ත්වය තවත් තීව‍්‍ර කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ බව පැවසුවේ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

එසේම අමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම ස්ථිරවම අත්හිටුවන බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනාත්මකව පැවසූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

එසේම ඉදිරි දින 30 ක කාලය තුලදී එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය සැලකිය යුතු වර්ධනයක් අත්කර නොගන්නේ නම් අමෙරිකාව එම ඒජන්සියේ සාමාජිකත්වයෙන් ඉවත් වන බව ද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කළා. 

නව කොරෝනා වංසගත තත්ත්වය හමුවේ අමෙරිකාව හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර මෙලෙස මතභේදයක් හට ගෙන තිබෙන අතර එම සංවිධානය චීනයට පක්ෂපාතී ලෙස කටයුතු කරන බවටයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දිගින් දිගටම චෝදනා එල්ල කළේ. 

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය එම චෝදනා ප‍්‍රතික්ෂේප කළා.

ලොව පුරා පැතිර පවතින නව කොරෝනා වෛරසය හමුවේ ලොව රටවලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට ලෙස තවදුරටත් ඉදිරියෙන් පසුවන්නේ අමෙරිකාවයි. 

මේවනවිට අමෙරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් පහලොස් ලක්ෂ 50,294 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති පුද්ගල මරණ ගණන 91,981 ක්.