Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’කොළඹ වරායට (PHOTOS)




ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’ (INS Jalashwa) ශ්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (01) උදෑසන කොළඹ වරායට ‍සේන්දු වුවා.

COVID 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුකොටගෙන ලොව සියළුම රටවල් ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කිරීම හේතුවෙන් සිය මව් රට බලා යාමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් ඉන්දියාව බලා රැගෙනයාමට මෙම නෞකාව අද කොළඹ වරායට සේන්දු විය. 

රටතුල පවතින තත්වය මත එම නෞකාවෙහි කිසිදු නාවික පුද්ගලයෙකු ගොඩබිමට ගෙන්වා නොගැනීමට කටයුතු කරන ලද අතර, මෙරට සිටි ඉන්දියානු ජාතිකයින් සියළු දෙනාම අදාල නෞකාව වෙත ගොඩනැංවීමට ප්‍රථම ඔවුන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටද නාවික හමුදාව මෙහිදී කටයුතු කරන ලදි.