Thursday, May 2, 2024

General line - 0115112241

පාඨලී ගෑවුණු රිය අනතුරට ව්‍යාජ සාක්‍ෂි සැකසූ බවට වැලිකඩ හිටපු OIC ට චෝදන




හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක සම්බන්ධ බව කියන ආන්දෝලනාත්මක රිය අනතුර සිදුවන සමයේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා. ඒ, අදාළ රිය අනතුර සම්බන්ධයෙන් සාක්‍ෂි වසන් කිරීමේ චෝදනාව මතයි.

ඒ අනුව අධිකරණ වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසටයි කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට නීතිපතිවරයා නියෝග කර ඇත්තේ. 

2016 වසරේ රාජගිරිය ප‍්‍රදේශයේදී එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ  ගැටී තරුණයෙකු තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්තී‍්‍රවරයා සහ ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගැණුනු අතර පසුව ඇප මත මුදා හැරුණා.