Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා මැද ඉන්දියාව පියවරෙන් පියවර විවෘත වෙයි




කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවෙමින් ඇති පසුබිමක රට ක‍්‍රමක‍්‍රමයෙන් විවෘත කිරීම ඉන්දියාව විසින් අද ආරම්භ කළා. ඒ අනුව ජනතාවට දුම්රියෙන් සිය සේවා සදහා යාමට අවසර හිමි වුණා. පළමු දවසේම පුද්ගලයින් එක් ලක්‍ෂ 45,000 කට වැඩි පිරිසක් ඒ සදහා පැමිණීමත් සමග දැඩි තදබදයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් පුද්ගල දුරස්ථභාවය සහ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි එහිදී ආරක්‍ෂා නොවුණු බවද සදහන්. පනවා ඇති ඇදිරි නීතියද ලිහිල් කර ඇති නමුත් ඇතැම් ප‍්‍රාන්ත හරහා ගමන් කිරීම තවදුරටත් තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඉන්දියාව රට විවෘත කිරීමට පියවර ගත්තද අඛණ්ඩව දෙවන දිනටත් අද, අලූතින් කොරෝනා රෝගීන් 8,000 කට වැඩි පිරිසක් වාර්තාවීම විශේෂත්වයක්.
රටවල් රැසක් තවදුරටත් සිය දැඩි සීමා ලිහිල් කරමින් ඇති අතර එංගලන්තයේද ප‍්‍රදේශ කිහිපයක දරුවන්ට අද පාසල් පැමිණීමට අවස්ථාව හිමි වුණා.

පාසල් විවෘත කිරීම තවදුරටත් කල් දැමූ දකුණු අපි‍්‍රකාව අද තීරණය කළේ මාස දෙකකට පසු මත්පැන් අළෙවිහල් විවෘත කිරීමටයි. ඇතැම් යුරෝපා රටවල්, සිනමා ශාලා, ආපන ශාලා සහ කෞතුකාගාර යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉකුත් මාර්තු මස මැද භාගයේ සිට පිලිපීනයේ මැනිලා අගනුවර පුද්ගලයින් මිලියන 12 ක් නිවෙස් තුළට කොටු කරමින් පනවා තිබූ සීමාද අද ලිිහිල් කෙරුණා.