Wednesday, May 8, 2024

General line - 0115112241

ලංකාරාම විහාරාධිපති හිමියන්ගෙන් ජනපතිට ආශිර්වාද




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

එහිදී විහාරාධිපති හිමියන් ප‍්‍රකාශ කළේ එකිනෙකා විවේචනය කරන දේශපාලන වේදිකාව මත සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නිවැරදිව නොබියව ඉදිරිපත් කිරීමට හැකි වූ එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවයි. 

ගත වූ කෙටි කාලය තුළ රට නිවැරදි දිශාවකට මෙහෙය වූ වත්මන් ජනාධිපතිවරයා, මහා සංඝරත්නය සහ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති බවයි ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් සදහන් කළේ. 

ජනාධිපතිවරයා රට නිසි මගට ගෙනයන වැඩපිළිවෙල කිසිවෙකුටත් හැරවිය නොහැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.