Saturday, April 27, 2024

General line - 0115112241

එක් රැයකින් කෝටිපතියෙක් වූ පතල් කම්කරුවා




ටැන්සානයිට් පාෂාණ දෙකක් විකිණීමෙන් කෝටිපතියෙක් බවට පත්වූ පතල් කම්කරුවෙකු සම්බන්ධයෙන් වන පුවතක් වාර්තා වනවා.

ටැන්සානියාවේ කුඩා ප්‍රමාණයේ පතල් කම්කරුවෙක් ලෙස සේවය කරනු ලබන 52 හැවිරිදි Saniniu Laizer නම් මොහුට දුර්ලභ ටැන්සානයිට් පාෂාණ දෙක හමුවී තිබෙනවා. එම ගල් දෙක බරින් කිලෝග්‍රෑම් 15ක් වන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු එම ටැන්සානයිට් පාෂාණ දෙක එරට පතල් කැණීම් කාර්යාංශයට විකුණා ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2.4 ක මුදලකටය.

බිරින්දෑවරුන් සිව්දෙනෙකු සමග විවාහ වී සිටින ඔහුට දරුවන් 30 දෙනෙක් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙම ටැන්සානයිට් නම් දුර්ලභ පාෂාණය උතුරු ටැන්සානියාවේ පමණක් දක්නට ලැබෙන අතර එය විසිතුරු භාණ්ඩ හා සමරු එලක සඳහා යොදා ගනු ලබනවා.

මෙය පෘථිවියේ දුර්ලභම මැණික් ගල් වලින් එකක් ලෙස සැලකෙන අතර ඉදිරි 20 වසරක කාලය තුලදී එහි සැපයුම සම්පුර්ණයෙන්ම ක්ෂයවී යනු ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.