Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිගේ ආරක්ෂකයින් පිරිසක් නිරෝධායනයට




ඔක්ලහෝමා හිදී පසුගියදා පැවති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රැලියේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරින් පිරිසක් නිරෝධායනය සඳහා යොමු කොට තිබෙනවා.

ඒ එම රැළියේ රාජකාරියේ නිරතව සිටි ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරින් දෙදෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මෙම තත්ත්වය සමග ලබන ජුලි මස 14 වෙනිදා දක්වා ජනාධිපතිවරයාගේ සංචාරයන් සඳහා ආරක්ෂාවට යොදවනු ලබන නිලධාරින් පැය 48 කට පෙර PCR පරික්ෂණයන් සඳහා යොමු කිරිම අනිවාර්ය කොට තිබෙනවා.