Sunday, April 28, 2024

General line - 0115112241

කොරෝනා මර්ධනයට අනියුක්ත සේවකයින්ට පිහියෙන් ඇන්න චීන ජාතිකයාට මරණ දඬුවම




කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ රාජකාරි කටයුතු වල නිරතව සිටි සේවකයින් දෙදෙනෙකුට පිහියෙන් ඇණ බරපතල තුවාල සිදුකළ චීන ජාතිකයෙකුට අද මරණ දඬුවම ලබාදී තිබෙනවා.

වසංගත තත්ත්වය පාලනය කිරිම සඳහා ප්‍රකාශයට පත් කෙරුණු නව නිතින් යටතේ චීනයේ මරණ දඬුවම ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.

මෙලෙස මරණ දඬුවම නියමවූ ඇති මා ජියැන්ගෝ නැමැත්තා හිතාමතාම මෙම අපරාධය සිදුකොට ඇති බවටයි එරට අධිකරණය විසින් තීන්දු කොට ඇත්තේ.

ඒ අනුව ඔහුට අද දිනයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කොට තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.