Monday, May 13, 2024

General line - 0115112241

ජාතික මහා කී‍්‍රඩා උළෙල අදියර 03 ක් යටතේ




46 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල අදියර 03 ක් යටතේ පැවැත්වීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ, එම අමාත්‍යංශයේ බලධාරීන් අතර ඊයේ (16) පැවැති සාකච්ඡාවකදීයි.

ඒ අනුව රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙල පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. 

ඒ අනුව පළමු අදියර යටතේ ඒකල තරග ඉසව් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙවන අදියර යටතේ මළල කී‍්‍රඩා සහ පිහිණුම් වැනි තරග ඉසව් පැවැත්වීමට නියමිතයි. වොල්බෝල්, දැල්පන්දු වැනි පන්දුවක් ආධාරයෙන් සිදුකරන කණ්ඩායම් තරග ඉසව් ද දෙවන අදියර යටතේ පැවැත්වෙනවා.

03 වන අදියර යටතේ පැවැත්වෙන්නේ කරාටේ හා ජූඩෝ වැනි කී‍්‍රඩකයින් ස්පර්ශ වන ආකාරයේ තරග ඉසව්.

පළමු අදියරේ තරග ඉසව් මහ මැතිවරණයෙන් පසු පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. දෙවන සහ 03 වන අදියරේ තරග ඉසව් නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා පේ‍්‍රක්ෂකයින්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි කී‍්‍රඩා අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.