Monday, May 13, 2024

General line - 0115112241

ICCයේ චෝදන ලද මෙරට ක්‍රීඩකයින් තිදෙනා සඳහා මැදිහත්විය හැකි ආකාරය සොයයි




වසර තුනක් පුරා ICC යේ චෝදනාවට ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින් සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යාංශයට මැදිහත් විය හැකි ආකාරය සෙවීම සඳහා පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුව අද (23) රැස්වනවා.

ඒ, පස්වරු 3.00ට කී‍්‍රඩා අමාත්‍යංශයේදීයි.

ඒ අනුව චෝදනාවට ලක්ව සිටින එම කී‍්‍රඩකයින් තිදෙනා සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ද මෙම කමිටුව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි. 

ටී - 10 තරගාවලිය සම්බන්ධයෙන් ICC දූෂණ විරෝධී නීති සංග‍්‍රහයේ වගන්ති කඩ කිරීම හේතුවෙන් අදාළ කී‍්‍රඩකයන් තිදෙනාට එරෙහිව තාවකාලික තහනමක් පැනවීමට ICCය ඉකුත්දා තීරණය කළා.

චෝදනාවට ලක්ව ඇති අවිශ්ක ගුණවර්ධන, 2017 වසරේ පැවති මෙම ටී - 10 තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.  

මාස 14 කට ආසන්න කාලයක් තමන්ට එල්ල කර ඇති චෝදනාව සනාථ කිරීමට වගකිව යුතු පාර්ශ්ව අසමත් වී ඇති බවයි අවිශ්ක ගුණවර්ධන පවසන්නේ. 

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු ඇතුළු අදාළ කී‍්‍රඩකයින් තිදෙනා ලිපි මගින් කි‍්‍රඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබුණා. ඒ අනුවයි මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවේ. 

අවිශ්ක ගුණවර්ධන කියා සිටියේ මෙම ටී 10 තරගාවලිය ICC යේ අනුමත තරගාවලියක් නොවන බවයි. එමෙන්ම මේ සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගිි කරවා ඇත්තේ කි‍්‍රඩා අමාත්‍යවරයාගේ ද අනුමැතියකින් තොරව බවයි අවිශ්ක ගුණවර්ධන නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

එවැනි පසුබිමක් තුළ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තමන් ඇතුළු මෙම කී‍්‍රඩකයින් තිදෙනාට චෝදනා එල්ල කිරීම පදනම් විරහිත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.