Sunday, April 28, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 58 දෙනෙකු සුවය ලබයි




කොරෝනා ආසාදිතව සිට මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 58 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 

ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ ගණන 2,391 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. 

තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 412 දෙනෙකු පමණයි. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,814 ක්.