Saturday, April 27, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍රයේ සංශෝධනයක් - කාලයත් වෙනස් වේ




නව විෂය නිර්දේශය යටතේ මේ වසරේ සහ මින්  ඉදිරියට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීමේදී ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සංශෝධන 02 ක් සිදු කර තිබෙනවා. 

ඒ අනුව පළමු ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු සැපයීම සඳහා දැනට ලබා දී ඇති විනාඩි 45 ක කාලය පැයක කාලයක් දක්වා විනාඩි 15 කින් දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

දෙවන ප‍්‍රශ්න පත‍්‍රයේ පරිසරය ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් යටතේ දැනට ලබා දෙන වරණ 04 ක් සහිත බහුවරණ ප‍්‍රශ්න 30 වෙනුවට, වරණ 03 ක් සහිත බහුවරණ ප‍්‍රශ්න 30 ක් ලබා දීමට ද තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.