Sunday, April 28, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණ පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරවන කුමන්ත්‍රණයක් - පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක්




මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වදින අපේක්ෂකයින් සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු සඳහන් ව්‍යාජ ලිපි සංසරණය වන බවට තොරතුරු ලැබී ඇතැයි ශී‍්‍ර ලංකා පොදු පෙරමුණ පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් එහි ප‍්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළේ, සිය අත්සන ව්‍යාජ ලෙස යෙදූ කූඨ ලේඛන විවිධ පුද්ගලයින් හට තැපැල් මගින් යවා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. 

පොහොට්ටුව ලකුණ යටතේ මාතලේ දිස්ති‍්‍රක්කයෙන් තර`ග වදින අපේක්ෂකයින් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු දක්වමින්, ඔවුන්ට ඡන්දය ප‍්‍රකාශ නොකරන ලෙස ද එම අසත්‍ය ලේඛනවල සඳහන්ව ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. 

නමුත්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හෝ පක්ෂ ලේකම්වරයා විසින් කිසිදු අවස්ථාවක සිය පක්ෂයේ කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබා දීමෙන් වළකින ලෙස දැනුම් දීමක් සිදු කර නොමැති බව, එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි පක්ෂ ප‍්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ. එවැනි කූඨ ලේඛනවලට නොරැවටෙන මෙන් ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.