Sunday, May 5, 2024

General line - 0115112241

සාර්ථක මෙහෙයුමකින් පසු අභයවකාශ යානයක් යළි පෘථිවියට පැමිණෙයි




ජාත්‍යන්තර අභයවකාශ මධයස්ථානයේ සාර්ථක මෙහෙයුමකට එක්වූ අමෙරිකාවේ පළමු වාණිජ අභයවකාශ යානය වන ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය  සාර්ථකව පෘථිවියට ලගා වුනා. ඒ එම මෙහෙයුමට එක්වූ ගගන ගාමීන් දෙදෙනාව ද ආරක්ෂිතව රැගෙන එමින්.

ඒ අනුව අමෙරිකානු වේලාවෙන් ඊයේ (02) පස්වරු 02.48 ට පමණ ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය ෆ්ලොරිඩාවේ ගල්ෆ් මුහුදු කලාපයට ගොඩ බැස්වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඇපලෝ යානය විශ‍්‍රාම යැවීමෙන් පසුව අමෙරිකාව මෙම ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය අභයවකාශ මෙහෙයුම් සදහා එක්කොට තිබුණා.

ඒ අනුව වසර 45 කට පසුව අමෙරිකානු අභයවකාශ යානයක් සාර්ථකව ජලය මතට ගොඩබැස්වූ අවස්තාව මෙය බව විදෙස් වාර්තාවන්හි සදහන්.

යානය ෆ්ලොරිඩාවේ සමුදුර මතට ගොඩබැස්වීමෙන් අනතුරුව ඉන් පැමිණි ගගනගාමීන් දෙදෙනා රැගෙන ඒම සදහා විශේෂ බෝට්ටු කිහිපයක් පිටත් කර හැර තිබුනා. 

කෙසේවෙතත් කැප්සියුලය මත උපද්‍රවකාරී රසායනිකයන් තිබිය හැකි බවට මතුවූ සැකය හේතුවෙන් පෞද්ගලික බෝට්ටු සේවා සදහා යානය අසලට යාමට අවස්ථාව නොලැබුනු බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.