Wednesday, May 1, 2024

General line - 0115112241

තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ටී කේ ජී කපිල




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ‍්‍රී ලාංකිකයින් 135 දෙනෙකු අද දිවයිනට පැමිණයා. නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ කටාර් රාජ්‍යයේ සහ තායිලන්තයේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් එලෙස දිවයිනට පැමිණි බවයි.

ඒ අනුව කටාර් රාජ්‍යයේ සිට ශ‍්‍රී ලාංකිකයින් 47 දෙනෙකුත්, තායිලන්තයේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් 88 දෙනෙකුත් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔවුන් සියලූදෙනා ගුවන් තොටුපළතුළදීම PCR පරීක්ෂණ සඳහා යොමුකර පසුව නිරෝධායනය සඳහා ද යොමුකළ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.