Tuesday, April 30, 2024

General line - 0115112241

ලක්ෂපානේ දී මියගිය කළු කොටියාගේ සිරුර සංරක්ෂණය කෙරේ : මහජන ප්‍රදර්ශණයට කොළඹ කෞතුගාරයේ තැන්පත් කරන්න යයි




ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේදි මන්දකට හසු වි මිය ගිය කළු කොටියාගේ සංරක්ෂණය කරන ලද සිරුර වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක විසින් අද (21) දින නිරික්ෂණය කරනු ලැබුවා.

කොළඹ ජාතික කෞතුකාගාරයේ කළු කොටියාගේ සිරුර මහජන ප්‍රදර්ශනය සදහා සංරක්ෂණය කර ඇත.

ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේ එලවළු වගා ගොවිපලක සතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසු වි කළු කොටියා තුවාල ලබා සිටියදි වනජිවි පශු වෛද්‍යවරුන් විසින් කළු කොටියාට වැඩිදුරට ප්‍රතිකාර ලබා දිම සදහා උඩවලව පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන ගොස් සිටියදි ජිවිතක්ෂයට පත් විය.

කළු කොටියා මිය යාම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නල්ලතන්නිය වනජිවි කාර්යයාල විසින් කරුණු වාර්තා කර තිබු අතර, හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා විසින් මිය ගිය කළු කොටියාගේ සිරුර සංරක්ෂණය කිරිමට අවශ්‍යය කටයුතු කරන ලෙස වනජිවි දෙපාර්තුමේන්තුවට නියෝගයක්ද නිකුත් කර තිබුණි.

මිට ප්‍රථම දෙණියාය මවුල්දෙණිය ප්‍රදේශයේ මන්දකට හසු වි මිය ගිය මෙවැනිවම කළු කොටියෙකුගේ සිරුර ගිරිතලේ ජාතික වනජිවි පුහුණු කෙන්ද්‍රයේ සංරක්ෂණය කර ඇත.