Sunday, April 28, 2024

General line - 0115112241

ආනවිලූන්දාව ඩෝසර් කළ සැකකරුවන් දෙදෙනා රිමාන්ඞ්

ජූඞ් සමන්ත




ආනවිළුන්දාව රම්සා කුරුළු අභය භූමියෙන් කොටසක් ඉස්සන් පොකුණක් සකස් කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, එම සැකකරුවන් දෙදෙනා හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් ශානක උදයංග හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

අදාළ සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු හා ඩෝසර් යන්ත‍්‍රයේ කි‍්‍රයාකරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ සහ අද අත්අඩංගුවට ගැනුණා. ඉන් අනතුරුවයි එම සැකකරුවන් මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ. 

මේ අතර ආනවිලූන්දාව රම්සා අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය පිටුපස සිටින පාර්ශව වහාම අත්අඩංගුවට ගන්නැයි ‘‘වයඹ හඬ’’ පරිසර සංවිධානය අද රජයෙන් ඉල්ලීමක් කළා. ඒ ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේදී අද මාධ්‍ය හමුවක් කැඳවමින්. 

මේ අතර ආනවිලූන්දාව තෙත්බිම් අභය භූමිය විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද මහනුවරදී ප‍්‍රකාශ කළා.