Sunday, May 5, 2024

General line - 0115112241

අත්තනෝමතික ව්‍යවස්ථා සංශෝධනයක් කළොත් විපාක විඳින්නේ ජනතාවයි




වත්මන් ආණ්ඩුව අත්තනෝමතික ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ හොත් එහි ප‍්‍රතිවිපාක විදීමට සිදුවන්නේ රටේ ජනතාවට බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසනවා.

යම් කිසි සංශෝධනයක් සිදුකරන්නේ නම් සියළු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කර සිදුකිරීමටද හැකි බවයි ඔහු කියාසිටියේ.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිදු විය යුතු වෙනස්කම් ගැනද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහිදී 19 වැනි සංශෝධනයේ ඇති බාධක ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් අවශ්‍ය බවයි පෙන්වා දුන්නේ.