Saturday, September 21, 2024

General line - 0115112241

සනත් නිශාන්තගේ විනය පරීක්ෂණයට එකඟ වූ හේතුව වෙල්ගම පැහැදිලි කරයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්තට එරෙහිව විනය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය මේ වන විට දේශපාලන වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා.

පාර්ලිමේන්තු කුමාර වෙල්ගම පවසන්නේ මෙම තීරණයට තමන් එරෙහි නොවුණේ අදාළ චෝදනාව ඇත්තක් ද නැත්තක් ද යන්න ඒ මොහොතේ තමන් නිශ්චිතව දැන නොසිටි නිසා බවයි.

සනත් නිශාන්ත සහ කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනාම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා. පෙරේදා පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වී සිටි එකම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වූයේ ද කුමාර වෙල්ගමයි. එහෙත් ඔහු ද සනත් නිශාන්තට එරෙහිව විනය පියවර ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට විරෝධයක් නොදැක්වූ බවයි අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ.