Saturday, April 27, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක පිපිරීමකින් 13 දෙනෙකු මරුට




බංගලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. ගෑස් නළ මාර්ගයක සිදුවූ කාන්දුවීමක් හේතුවෙන් එම පිපිරීම සිදුවන්නට ඇති බවටයි එරට බලධාරීන් පවසන්නේ. පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි අනුමාන කෙරෙන්නේ. 

රාත‍්‍රී කාලයේදී ඉස්ලාම් දේවස්ථානයේ ජනෙල් සියල්ල වසා තිබියදී ගෑස් කාන්දු වී ඇති බවටත්, පසුදින පැමිණි පුද්ගලයින් වායුසමීකරණ යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කිරීමත් සමග පිපිරීම සිදු වන්නට ඇති බවටත්, දැනට සිදු කර ඇති විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා. 

බංගලාදේශයේ බොහෝ ගොඩනැගිලි ඉදි කිරීමේදී නිසි ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකරන බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. අනාරක්ෂිත ඉදි කිරීම් හේතුවෙන් සිදු වන ගොඩනැගිලි කඩා වැටීම් සහ ගිනි ගැනීම්වලින් වසරකට එරට පුද්ගලයින් සිය ගණනක් මිය යන බව විදෙස් වාර්තා වැඩිදුරටත් ස`දහන් කළා.