Saturday, September 21, 2024

General line - 0115112241

අගමැතිතුමාට ‘KISS‘ එකක් දෙන්න ඕන – ගීතා (VIDEO)




ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජන සටන පාද යාත‍්‍රාවට සහභාගි වූ පිරිස සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයක් හේතුවෙන් ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ මේ දිනවල ජනප‍්‍රිය වී සිටිනවා.

නෙත් නිවුස් අද සිට ආරම්භ කරන ‘රතු කට්ට’ විශේෂාංගයට පළමුවෙන්ම එක්කර ගත්තේ ද ඇයයි.

මෙහිදී අප ඇගෙන් ජන සටන පාද යාත්‍රාව හා එහිදී කතා බහට ලක්වූ දරුවා පිළිබඳ විමසුවා.

පසුගිය දිනවල කතා බහට ලක්වූ ඇගේ ‘කොළ පාට සාරි ‘‘ පිලිබඳව ද අප විමසීමක් කළා.

ආණ්ඩු පක්ෂයකට එක්වන්න යැයි අගමැතිතුමා කළ ඉල්ලීම සම්බන්ධව ද අප ඇගෙන් ප්‍රශ්ණ කළා.එම පැනයට ඇය පිළිතුරු දුන්නේ මෙලෙසින්,

‘‘අගමැතිතුමා නම් අනේ, මට ඇත්තටම එතුමා ආරාධනා කරා ඇවිල්ලා මෙහෙන් වාඩිවෙන්න.මං කීවා මට එන්න බෑනේ, මට යන්න බෑනේ අනේ ඇත්තමයි කිස් එකක් වුණත් දෙන්න වටිනවා ඒ කරපු යෝජනාවට‘‘

ඇය පලකළ සම්පූර්ණ අදහස් පහත වීඩියෝව ඔස්සේ නරඹන්න.