Saturday, September 21, 2024

General line - 0115112241

‘සමේ පැහැය‘ නිසා ශ්‍රී ලාංකික තරුණියක් ඔස්ට්‍රේලියාවේදී රැකියාවෙන් දොට්ට!




සමේ පැහැය හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් රැකියාවට නොගැනීමේ පුවතක් “ඩේලිමේල් ඕස්ට්‍රේලියා” පුවත් සේවය වාර්තා කර තිබුණා.

මෙම සිදුවීමට ලක්වූ තරුණිය පවසන්නේ තමාගේ සමේ පැහැය (දුඹූරු) හා ඉන්දියානුවෙක් (ශ්‍රී ලාංකිකයෙකු වුවත්) යැයි පැවසූ මෙම ආයතනය සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රතික්ෂේප කළ බවයි.

මෙය සිඩ්නි නුවර දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් බවයි සඳහන් වන්නේ.

මෙම තරුණියගේ සිදුවීම සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමග එම ආයතනයට බොහෝ දෙනා දෝෂාරෝපණ එල්ලකර තිබෙනවා.

පසුව එම ආයතනය ඇගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

36E48FD000000578-0-image-a-21_1470377034722 36E48FC800000578-0-image-a-19_1470376851165 36E48FCC00000578-0-image-a-18_1470376840440