Saturday, September 21, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් ජයත් ලංකාවට




වෝන් මුරලි කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 229 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව අද සමත් වුණා.

ජයග‍්‍රහණය සඳහා සිය දෙවන ඉනිමේදී ලකුණු 413ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 183 ක් පමණයි.

දිල්රුවන් පෙරේරා ලකුණු 70 කට කඩුලු 06 ක් දවා ගත්තා. රංගන හේරත් ලකුණු 74 කට කඩුලු 02 යි. ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා.

දෙපිල අතර පැවති පළමු තරගය ජය ගත්තේද ශ‍්‍රී ලංකාවයි. ඒ අනුව තරග 03 කින් යුතු වෝන් මුරලි කුසලාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ජයග‍්‍රහණයද ශ‍්‍රී ලංකාවට හිමි වනවා.