Friday, May 10, 2024

General line - 0115112241

කොරෝනා අවදානම යළි මතු වේ - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ පණිවිඩයක්




රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

සියලූදෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සිය දෙපාර්තමේන්තු පරිශ‍්‍රය තුළට පැමිණෙන ජනතාව සීමාකර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

මේ අතරගම්පහ දිස්ති‍්‍රක්කයට අමතරව කොළඹ දිස්ති‍්‍රක්කයේ ද සියලූ උපකාරක පන්ති පැවැත්වීම ද නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.