Thursday, May 9, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී පී සී ආර් පරීක්ෂණ 7196 ක්




ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන දසදහස ඉක්මවා තිබෙනවා.

ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 89 ක මේ වනවිට පුද්ගලයින් 10,181 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ. 

මේවන විට පුද්ගලයින් 50,364 දෙනෙකු සිය නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා.

නිරෝධායන කි‍්‍රයාවලිය නිම කළ පුද්ගලයින් 465 දෙනෙකු අද දිනයේ ද සිය නිවෙස් බලා පිටව ගිය බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ. 

මේ අතර, ඊයේ දිනයේදී පමණක් මෙරටදී පී සී ආර් පරීක්ෂණ 7,196 ක් සිදු කළ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සදහන් කළා.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ දෙවන හා තුන්වන ආශ‍්‍රිතයින් පිළිබදව වැඩි අවධානයකින් පසු වන බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.